ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සේරිවානිජගෙන්, වානිජ අධිකරණයට අභියාචනයක්

සේරිවානිජගෙන්, වානිජ අධිකරණයට අභියාචනයක්

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
2022-July

සසරේ බොහෝ පෙර එකමත් එක කලෙක
මනි බඩු විකිණුවා අපි දෙන්නා එකට
පා ගෙවෙනා තුරා ගෙන් ගෙට ගිය දිනක
එක පත බෙදා, රෑ ගෙව්වෙත් එක පිලක

එකමග ගොහින් කල මනිබඩු වෙළඳාම
පාඩුයි ගනන් බලනාවිට හැමදාම
ලොස්පිට කරණු බෑ බිස්නස් නම් මෙහෙම
ගත් ණය තුරුස් ආපහු ගෙවනදු කොහොම

එකමග නොයමු මින්පසු අප දෙන්නාම
දෙමගක ගියොත් ලාබයි මේ වෙළඳාම
ඒ අදහස ඔබෙයි, නොවුනෙමි මා පුදුම
බිස්නස්වලදි ඔබ මට පෙර හැමදාම

ඉන්පසු එක මගක නොගියෙමු අපි දෙන්නා
දෙමගක ගොහින් බිස්නස් කරගෙන උන්නා
දවසක මිතුර ඔබ ඒ සීමාවන් පන්නා
මගෙ ඒරියා එකටත් උඹ හොට දැම්මා

කැඩුවේ කවුද , ගිවිසුම එකඟතාවය
හෙව්වේ කවුද, ගැටුමේ සැබෑ මූලය
ගනනින් පන්සිය පනස් වරක් මා වැරදිකාරය
මේ අවනඩුව යලි විමසීම ඔබට බාරය