ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මට නැතිවුණු මම – සචී ජයවර්ධන

මට නැතිවුණු මම – සචී ජයවර්ධන

සචී ජයවර්ධන
2022-July

ගිරව් ඉගිලුණු හවස්
උඳුරගත්ත ඉක්මනින්
චීස් බේරෙන සුවඳ
හංඟගත්තා මම හොරෙන්

නාභියේ මැද ඉඳන්
හොලවලා දාපු කටු ඔටුන්නෙන්
බුර බුරා පැන්නෙ රතු ලේම නම්
ව්‍යවච්ඡේදකයා කරේ බොරුවක්
දැනුණ තැන හිරිවැටිලා නෑ තවටත්

දෙන්න මට වයින් උගුරක්
කොච්චර බිව්වත් දැනුණෙ ජින් රසයක්
රත්තරං,
ඔයාට මතකයිද මාව අදටත්….