ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගැහැනිය

ගැහැනිය

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
2022-July

ගැල හා බැඳුනු නම කැත අපහාසෙට පිරිමින් පටබඳිනවලු
හැම කෙංගෙඩියටම උන්ටම මිනිසුන් අවලාද නගනවලු
නියතින් ඇයට ණය නැති කිසිවෙකු ලෝකෙම නැතිලු
හනට ගන්න හැටි පිරිමින් හීනෙන් දැක නිදි වරණවලු

අපමණ දුක් දරා කර දඬු උස් කර දරුවන් වඩලා
අසහාය දිරිය කැටි කොට දෙතනේ කිරි පොවලා
ඇඟ සුඟ හැඩය නොතකා දරු සුව දුක පිරිමහලා
අඩු නැති කැත කතා තූ නොදකින් නොමිනිසුන් වැහි වැහැලා

ශානි – 28/06/22