ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අහිමි ප්‍රේමය

අහිමි ප්‍රේමය

ජනිත් චතුමදුර
2022-July

කරා ආදරේ මං
මහ මෙරක් තරමට..
ආදරේ සොය සොයා
අතරමං විය කතරක..
බොහෝ පිපාසා දැනුනි..
මම සෙවූ ආදරය
අයිතිය තවත් හදකට..
දැනුනා දුක මහාමේරු පර්වතය
සමකොට..
හදවතම හිස්..
මගේ ඇස් සමයි දැන්
ඉරි තැලුනු කතරකට..
කියන්නට බොහෝ දේ ඇත..
පවක් ඇති මා කළ
ඒ නිසා….
අහිමි වන්නට ඇති ප්‍රේමය
ඉතින් අවසන මෙසේ කියනෙමි
සඳ අයිති අහසට
පොළවට නොව…

ජනිත් චතුමදුර ප්‍රේමය අහිමි උන ඈත ක්ෂිතිජයක සිට
2022.06.09