ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගණිකාවගේ මරණය

ගණිකාවගේ මරණය

ජේ.එම් අමා කුමාරි ජයවීර
2022-July

අඳුරු අහසම එළිය කරමින් අයාලේ ගිය රුවැත්තී….
මැඳුරු නිහඬව ගිලුණු අදුරේ සතුට ගෙනදුන් කුලැත්තී….
ගොඳුරු කරගත් මරුන් සමඟත් රමණයේ උන් පවැත්‍තී….
පැදුරු කොනකට ගුලිවෙලා අද සුනඛයින් හා කුනැත්තී….

කොයිද විනිසුරු අවසරයි දැන් ආවෙ අද මෙහි වෙසඟනක්….
ඇයිද නිහඬව වදකයිනි තොප වේද නිදි වැදි පෙරදිනක්……
නොයිද හැංගී පිසාචයිනේ සතුටු වීයන් එක රැයක්……
පව්ද අමතක කරන් මොහොතක් යම රජුන්ටත් දෙමි පැයක්…..

ලෙවකමින් කුණපයේ රස තැන් සුනඛයින් නිදි නෑ රැයේ…..
පොරකමින් කබරයින්,පිඹුරන් සතුට සමරයි මරණයේ……
පරදමින් මල් සුවද ඕජස ගලයි කෝ සිරි දෙතනයේ….
ඉවසමින් දඩුවමක් දුන මැන විනිසුරුත් තව සයනයේ…..