ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මම කුරුල්ලෙක් වුණා නම්

මම කුරුල්ලෙක් වුණා නම්

උද්‍යා මාධවී
2022-July

පොඩි දුවගෙ රචනා මාතෘකාව

ලියා ඇත ඇය ඇවැසි බව
ඉඟිලෙන්න නිල් අහසෙ
ඈතටම නොපෙනෙන්න

තිබුණි නම් මටත් ලියන්නට
රචනාවක් ආයෙත්
ලියනව මමත්

නිල් පාටට පෙනුනට ඒ අහස
ඇත්තටම හිස් බව
ඉඟිලෙන්නට තවත්
මට අවැසි නැති බව

ඇත්තටම මට ඕන
ආයෙ පියඹා යන්න
මා උපන් ඒ ගමට
අඹ ගහේ කූඩුවට

බොරු අහස නොපෙනෙන්න
වසාගෙන ඇස් තදින්
මට ඕනෙ තනිවෙන්න
උණුහුමක
මා පිය පියාපතක් යට