ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

“මචං මං තියන්නං”

“මචං මං තියන්නං”

නුවන් තොටවත්ත
2022-July

අද යාලුවෙක් කතා කලා.

“හලෝ මචං කොහොමද ?”

“ඉන්නවා.. ඉතිං”

“තත්වෙ හොඳටම අවුල් නේද ?”

“ඔව්. උඹට කොහොමද ?”

“අවුල් තමයි ඒත් මට දුක මොකුත් කරගන්න බැරි අහිංසක මිනිස්සු ගැන. අපිට නං මොනව් හරි කරගන්න පුලුවන්. ටිකක් හරි.”

“හ්ම්ම්…

උඹටයි උඹේ නෝනටයි ළමයි දෙන්නටයි පුලුවන් ද දවස් දෙක තුනක් නොකා ඉන්න ..

මොකුත්ම නැති වුණොත් කුණු බක්කියක තියෙන දෙයක් හොයාගෙන කන්න. ?”

එහා පැත්තෙන් සද්දයක් නෑ..

“උඹ අසනීප උණොත් උඹේ ළමයි දෙන්න ට පුලුවන් ද බස් එකක හරි පයින් හරි ටවුමට ගිහින් කන්න බොන්න මොනවා හරි හොයාගන්න. අඹ ගහකට පොල්ලක් ගහල ගෙඩියක් කඩාගන්න ?

මොනවත්ම නැති වුණොත් උබට පුළුවන් ද කාගෙ හරි අතේ තියෙන පාන් රාත්තලක් උදුරගෙන දුවන්න? බැරි වෙලාවත් අහු වුණොත් මිනිස්සු ගහනකොට ඒක දරාගන්න ?

මචං මේ පාර බේරෙන්නෙ ඇත්තටම මොනව හරි කරගන්න පුළුවන් මිනිස්සු.

ඇත්තටම උඹට මොනව හරි කරගන්න පුලුවන් ද ?”
.
.
.
“මචං මං තියන්නං”