2021 ජනවාරි කලාපය
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
‘ලන්ඩන් කවි’ මුද්‍රිත සඟරාවක් ලෙස ප්‍රථමයෙන්ම පළ කෙරුනේ වර්ෂ 2003 සැප්තැම්බර් මාසයේදී ය. එංගලන්තයේ සිට කවි එකතු කිරීමත්, කොළඹට යවා මුද්‍රණය කරවීමත්, පිටපත් නැවත ලන්ඩනයට ගෙන ඒමත් එතරම් පහසු කටයුත්තක් නොවූ හෙයින් කලාප දොළහකින් පසුව කණගාටුවෙන් වුවද එය අත හැර දැමීමට සිදු විණි. ලන්ඩන් කවි බෙදාහැරියේ නොමිලයේ ය. අද තාක්ෂනය වෙනස් වී ඇත. ලන්ඩන් කවි අන්තර්ජාලයෙන් ඔබ වෙත ගෙන ඒමට හැකි වන්නේ ඒ නිසාය. ප්‍රඥාවන්තයින් පවසන්නේ කවිය ආනන්දයෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් අවසන් විය යුතු බවය. එහෙත් එය එසේම විය යුතු නොහේ.
විසල් හදක කවිය’ හැරුණු විට අකාරදියට අනුව මෙහි පළවන නිර්මාණ අප විසින් මිත්‍රත්වය මත කෙරුණු ආරාධනයෙන් කවි කිවිඳියන් එවූ ඒවාය. ඔවුනට අපගේ හද පිරි ප්‍රණාමය පුදකරමු. ‘විසල් හදක කවි’ ශීර්ෂය යෙදුවේ රත්න ශ්‍රී විජේසිංහ කවීන්ද්‍රයානන් ය. මෙවර ‘විසල් හදක කවිය, ඔහුට නොදන්වාම උපුටා ගැණීම පිළිබඳව අඩසිය වසරකට ආසන්න මිත්‍රත්වයක් ඇති මහැදුරුතුමා උදහස් වේ යැයි නොසිතමි.
වෙබ් අඩවියේ සැකැස්ම අරඹා ගත වී ඇත්තේ සති තුනක කාලයකි. කවියක් එවන්නැයි කී විගස පසුවදාම කවි එවූ ජ්‍යෙෂ්ට කවීන් සිටි අතර අයෙක් කීවේ අවුරුදු හතළිහකින් කවියක් ලියා නොමැති බවයි. එහෙත් ඔහු කවියක් එවීය. අයෙක් කීවේ මා කවියෙක් නොවේ කියාය. ඔහු ද කවියක් එවීය. මේ ආරාධනයට කවි එවූ සියල්ලෝම තමන්ගේ ක්ෂේත්‍රයන් හී දැවැන්තයින් වන්නාහ. එසේනම් ඔවුන්ගේ නිර්මාණ මෙහි පෙළ ගැස්වීම මා වැන්නෙක්හට කළ හැකි කටයුත්තක් නොවේ. තිලකරත්න කුරුවිටබණ්ඩාර කිවිඳුන්ගේ කවියක් සිහියට එයි. “දුලකර සඳ මඬුලු දහසක් අතරතුර, නිලඹර නැඟුණු තරුවක් වැන්න සැක හැර”. පුර්ණ චන්ද්‍රයන් පෙළ ගැස්වීම කුඩා තාරකාවකට කල නොහැක. එම ප්‍රශ්නයට මා මුහුණ දී සිටින විට මගේ බිරිඳ අපූරු යෝජනාවක් ගෙන ආවාය. මුලදී එකඟ නොවූවත් අවසානයේ දී බිරිඳගේ අදහසට නිතරම එකඟ වන්නට සිදුවන මට මේ යෝජනාව ඉමහත් සහනයක් ගෙන දුන්නේය. එනම් වාසගම ඉංග්‍රීසි අකාරාදියට අනුව පෙළ ගස්වන ලෙසයි. මේ පෙළ ගැස්සිල්ල එයයි. වෙන කිසිවක් නොවේ. ඉදිරියට ද ජ්‍යෙෂ්ටයින්ගේ නිර්මාණ, රසිකයන් ගේ වින්දනය පිණිස ද, ආධුනිකයන්හට මඟ පෙන්වීමක් ලෙස ද අප වෙත ලැබේ යැයි බලාපොරොත්තු වෙමු.
විසල් හදක කවි
සුදු පුංචි දියණි...
ඈත නුවරකදී ලියූ කවියක්
බෝඩිමේ කවිය
කනගරායන් ආරු
දැන හෝ නොදැන
සමාජය සහ ස්ත්‍රීත්වය
යුතුකම් බණ
ගෙදර හිටපල්ලා
නමින් ගැහැණිය වන්නිි...
ඉකිබිඳින පොත්
නගර- නත්තල්
දළ පූට්ටුවා ගේ ආත්ම කථනය
කොරෝනා ගොරෝනා
කොවිඩ් දහම
මා කොතැන ද
පෙම්බර අම්මේ...
අම්මා
රයිපලයට තවත් පතුරොමක් ඔබමි
රිතු
සරසවි වරම
දෙව්ලොව බසින් පුඟුලව ලියනව ද ප්‍රියත්
කුරුවිට පියසීලී කවි රැජිණියට නිවන් සුව!
Live in hope
අම්මා
ඉස්සර වගේ නෙවෙයි
රුසිරු තුර
කිතු ගුණ සැමරුම
අදිසි
දුරස්ථභාවය
දෙලොවක් අතර
සිනමා රස සොබා
විස්සයි විස්ස
නව දරු උපත සැමරීම
ලෝ වැඩ සඟරාවේ සිත් ගත් කවි - ජනවාරි
සොච්චම් දේවල් ....!
බුදුන් නොදැක බුදුන් දකී
අඩු කුලයේ ශෝකාන්තය
සිත නිවන දුවයි ඔබ
තාත්තා
Because He was Starving
සියාතු මාමා
ගනන් මිස්
යසෝදරාවතේ සිත් ගත් කවි - ජනවාරි
දුරුතු සිහිල
කොළඹ කිතුළේ වත
අහස සහ සත්‍යය
ආදරණීය ශ්‍රී වික්‍රම!!
අජිත් තිලකසේනගේ 'මන්දා' කවියට ඉරිසියා හිතුණ හින්දා!
සැළලිහිණියේ සිත්ගත් කවි - ජනවාරි
සුභාෂිතයේ සිත්ගත් කවි - ජනවාරි
අම්මා කෙනෙකුගේ සාක්කිය
නික්මෙන්න අවසර ද ?
පැණිය
පියඹා ගොසින් යෞවනය - යලි නොඑනා ලෙසින්
පරණ මැච් එකම ගහන අපි
මහා සුළඟට නොමියෙනා තුරු
තෙනා ගේ කවිය
හෙට පාසලට පැමිනෙන විට දරුවා අත පවුලේ චායාරූපයක් එවන්න - පංති භාර ගුරුතුමිය
රැඳවුම් බිත්තියේ ලියූ කවිය
මා පිය සබඳ සබඳිනි
වැහැරුණු මතකය
සැලමුතු නුගිනුරා
යසෝදරාව ආනන්ද හිමියන්ට කියා ගිය පණිවුඩය
සකුණ!
රැවටීම
සුභ 2021 වේවා!
කුහුඹු පාඩම
විරහ රහ




























































