සමාජය සහ ස්ත්‍රීත්වය

සමාජය සහ ස්ත්‍රීත්වය

ධනංජය බණ්ඩාර

පවුලට දුවක නම් එය වාසනාවයි බිලිඳු නොලද ඈ නොම වාසනාවයි සුන්දර දූ මඟුලට වාසනාවයි දෑ වැදි නොදුන් ඇය නොම වාසනාවයි දරුවන් රැසක් වැදු ළිය වාසනාවයි උන් නොමගේ ගියදා ඈ අවාසනාවයි කලින් බිරි මළොත් සැමි වාසනාවයි සැමියා කලින් මියැදුනු ඈ අවාසනාවයි දළදා වැඩම්මවු ඇය වාසනාවයි පත්තිරිප්පු ගොඩවන්නට අවාසනාවයි මහ බෝ හිමි වැඩමවු ඇය වාසනාවයි උඩ මළුවට යන්නට ඇය අවාසනාවයි කම් සැප විඳීමට රුව වාසනාවයි ලද විට අවලාද ඇයගේ අවාසනාවයි දුවක මවක බිරිඳද නිති වාසනාවයි මේ හැම අතර නොසැලෙන ඇය වාසනාවයි 29-12-2020
කවිය බලන්න