අම්මා

අම්මා

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය නිව්යෝක් USA

පිවිතුරු මුව කමළ සුදු නෙළුමක් සේය මධුරය වචන සිසිලය චන්දන සේය කුළුණුය එහද උණුවෙන ගිතෙලක් සේය නොසැලෙන තිර ගතිය මහ මේරුව සේය සැම ගුණ පරදවා කළ ගුණ පෙරටු කොට කීවේ කියා දුන්නේ යහ ගුණේ සිට වැටෙන්නට එපා කිසි කළ අයුත් තෙට වැටුනත් වැටීයන් ඉහළම ඉහළ සිට ගුරුකම අතැර අප රැකගත් දයාවෙනී ගුරු ගෙදරක් වුනා නිවසම අසිරියෙනී මතකද ළමා නාටක රැඟුමන් සොබනී ඔබ ගුරුතුමී අප රැඟුවා අනුහසිනී තුන්සිය හැට පහේ හැම තත්පර යක්ම සිහිකරනවා මිස ලෙන්ගතු හිත කින්ම අහවල් මාසෙ අහවල් දින යැයි කෝම කිවහැකි අයෙක් සිටීද මුළු තුන් ලොවෙම වෙරළු මිණි රුවන් මුතු පිරි තලාවේ ගෑවී නොගෑවී නොව මං මුලාවේ ඇවිදිමි මතින් ලද සිප් සත් කලාවේ සතුටුද රැජිණ ඒ ගැන මේ වෙලාවේ මෙහෙවර මෙන්ම දන් පින් කල නිමක් නැතී අප මෙන් බොහෝ අය එපවත කියති නිතී අද ඔබ හිඳින තැන අප හට පසක් වෙතී තව්තිසාව සිතන තරම් දුර නොවෙතී 15-12-2020
කවිය බලන්න