යසෝදරාව ආනන්ද හිමියන්ට කියා ගිය පණිවුඩය

යසෝදරාව ආනන්ද හිමියන්ට කියා ගිය පණිවුඩය

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

යොදුන් ගණන් සංසාරේ දුර ඇවිද පැතුම් පතා මා දන්දුන්නා නොවෙද ඇවිත් විහාරෙට සිරිපා දෙක නොවැඳ ඉතින් නොකියා ම යාගන්නට හැකිද කියද්දී සඳ කිඳුරු බණ කතාව මතක් වුනේ මට කිඳුරුගෙ ලතාව ඇසක් තෙත් වුණේ සියවැනි වතාව ඉතින් මගෙද ඒ මහ බෝ සතාව බදා වැළඳ ඇඬුවත් ගොප්මස පාදේ සදාකල්ම හිමි කරගනු බැරි ඒ - දේ උපාදාන අතහැරලමි මහ මූදේ උදාසනක්මය මට මේ අරුණෝදේ 26-12-2020
කවිය බලන්න