මා පිය සබඳ සබඳිනි

මා පිය සබඳ සබඳිනි

නීතීඥ චන්දිම විතානආරච්චි

ඔබ වෙත නැත ඔබ වෙත නොව..... අරමුණකින් තොරව ලියවුණු මේ කවි මතු දිනෙක පොත් හලක රාක්කයක දී ඔබ නෙත් හමුවනු ඇති ඔබ මතකයේ මිය ගිය මා මෙය ලියූවා කියා..... ජීවිතේ එක් යුගයක කාලයේ වැලි තලා මත වියැකුණු පා සටහනෙක තිබූ බව මේ කවි ඔබ මතකයට එනු ඇති.... කොළ හැලුුණු දින පොතක දුර්වර්ණ පත්තර පිටුවෙක පිළිස්සූ පෙම් පතෙක බොඳව ගිය මේ කවි ඔබ මතකයට එනු ඇති..... විකුණන්න තිබුණාට එපා වළ දැමූ අතීතය මිලදී ගන්න..... නමුත්, එකදු හෝ කවියක් මදක් නැවතී කියවන්න මතකයේ අවදි වන සෝබර අතීතය නැවත පොත තුලම හකුළා තුබුණු පරිදිම තබා එදා වාගෙම ඔබ සෙමින් පිටවී යන්න.....! - නිහඬ තණ පතකි මම' කාව්‍ය සංග්‍රහයෙන් (2008)
කවිය බලන්න