දැන හෝ නොදැන
අහස් ගඟේ හිම කැට පාවුනා වගේ
සිහින ඉමේ වතුසුදු මල් පිපුන වගේ
දැන හෝ නොදැන මා අමතක කලා වගේ
ඔබේ රුවට පමණක් රැවටුනා වගේ
අහස් ගඟේ හිම කැට මා එකතු කලා
සිහින ඉමේ වතුසුදු මල් මම නෙළුවා
දැන හෝ නොදැන ඔබ මා අමතක කෙරුවා
කෙසේ වෙතත් ඒ දිනකල් මම වින්ඳා
අහස් ගඟේ හිම කැටි පොදි පාවේවා
සිහින ඉමේ වතුසුදු මල් තව පිපියා
දැන හෝ නොදැන මා මතකෙට නැඟ ඒවා
නොහඬ එදින මම සිහිනේ සැතපේවා
18-12-2020
කවිය බලන්න
