පෙම්බර අම්මේ...

පෙම්බර අම්මේ...

ලේඛක, පරිවර්තක චන්දන ගුණසේකර ලන්ඩනය

රන් වැලි සෑ බඳේ සුදු පිරියම් ලෙසිනී පින්බර වතේ පිරිසිදු සිනහව දිළිනී වැව් තල පිස හමන සුදුමුදු මද නලිනී අම්මේ ඔබේ නොමියෙන උණුසුම දැනුණී බුදු හිමි වතේ මෙන් කුලුනින් පිරි නෙතිනී වෙන කවුරුන්ද අප දෙස බැලුවේ නිතිනී කිසිදා වෙනස් නොමවෙන ජීවය දෙමිණී ඔබ පිදු පෙමින් මිනිසුන් වී අප වැඩුනී හිරු සඳු ලෙසින් අප යන මඟ එළි කරනා මහ කඳු විලස සැමවිට නෙතු යුඟ හෙළනා දරුවන් යහපතම දිවි ඇති තුරු පතනා දෙවියන් බුදුන් ඔබමය මනු ලොව වසනා ලොව වසන සියලුම මව් වරුනට මේ කවිය උපහාරයක්ම වේවා! 19-12-2020
කවිය බලන්න