කොවිඩ් දහම
ඉපිද මැරේ යන වග
තේරුම් නොගෙන රඟ රඟ
කරණ විගඩම් දැක්කම
දුකක් හිතෙනවා අපි ගැන
සොබා දහමට එරෙහිව
මුදල් පසුපස ලුහුබැඳ
කෙරෙන කෙනෙහිලි කම්වල
පලය දැන් ඇත දැකුමට
පොහොසත්කම දුගී කම
වැඩක් නැත වයිරසයට
ඇද දමන්නේ මරණෙට
කීමටය යමක් මිනිසාට
සිතන්නට කාලය නැත
යහ මඟට පය තබනට
නොවුනොත් එහෙම අප හට
දුකම මිස සතුටක් ඇත්තෙ නැත
27-12-2020
කවිය බලන්න
