ගනන් මිස්
පතොක් කටු ගනිත පාඩම
මොලොක් රත් නෙළුමක් කොට
නෙලාදී මගෙ දෝතට
සුදු නෙළුම යයි හෙට දුරු රට
දහතුනේ අක්කලා තරම්වත් නොමේරූ
ගුරු පීඨයෙන් පුහුනුවට ආ මුවැත්ති
සුදු නෙළුමක් වගේමයි ඔබ
මුළුමනින් විකසිත නොවු
සමමිතික සහ සරල රේකා මතුකර
රත්පෑ දිගු ඇඟිලිතුඩු ඇලකර
වුර්තය නම් සඳමැයි සැකහැර
කුරුටු ගෑවෙ ඔබයි සිතතුල
පිරමිඩ චාප සමාන්තර රේකා
කළු ලෑල්ලට වඩා ඔබේ සියොළඟ
ගනිතය සැලලිහිනි සදෙසක් කොට
නො එන්නම යයි ඈ දුරුරට.
28-12-2020
කවිය බලන්න
