නික්මෙන්න අවසර ද ?

නික්මෙන්න අවසර ද ?

නිශාන්ත ප්‍රීති සෙනරත් ලන්ඩනය

තුරුලට ඇවිත් යළි අම්මේ කියන්නට ආසයි ඔබේ දෙපතුළ ළග වැටෙන්නට එනමුත් නොහැක මට ඒ දෙය කරන්නට එල්ලා මරනවලු මා හිමිදිරියේ හෙට... මිය ගිය නිසා පියතුම මගේ අකාලෙට අපමණ වෙහෙස වින්දා මා හදන්නට තුන් වේලකම කුසගිනි මගේ නිවන්නට එක වේලයි කෑවේ ඔබ මුළු දවසකට අරක්කු විකුණලා චන්ඩියා වුන ගමට මුදලාලිගේ ඇහැ ගියා ඔබේ ලස්සනට කැරකුන නමුත් ඒ මිනිහා නපුරකට ලැබුනේ නැහැ ඉඩක් ඔබගෙන් නම් ඔහුට ආවා දිනක් ඔහු ඔබ ගත බිලි ගන්ට හැඬුවා පොර බැදුවා ඔබ අසරණ කමට මේ වගේ දෙයක් සිදු වන විට අම්මෙකුට ඉවසා සිටිය හැකි‌වෙද කිසි පුතෙකු හට ගත්තා පොරව මම ඇතිවුණ කෝපයට දුන්නා පහර මුදලාලිය මැරෙන්නට ණය නැහැ අම්මේ ඔබ මට පෙව් කිරි වලට සන්තෝසයෙන් යමි හෙට එල්ලුම් ගහට.. 22-12-2020
කවිය බලන්න