ඉස්සර වගේ නෙවෙයි
ඉස්සර වගේ නෙවෙයි
දැං ජයවේවා කියන්නෙ කටවහගෙන
ඉස්සර වගේ නෙවෙයි
දැං හිනාවෙන්නෙ දත් නො පෙන්නා
ඉස්සර වගේ නෙවෙයි
දැං happy birthday කියන්නෙ
අත් හෝදනකොට
ඉස්සර වගේ නෙවෙයි
දැං ළංවෙලා ඉන්නෙ
මීටරයක් දුරට වෙලා
ඉස්සර වගේ නෙවෙයි
දැං මඟුලක් කන්නම බෑ
ඉස්සර වගේ නෙවෙයි
අවමඟුලත් ආන්ඩුවෙන්
ඉස්සර වගේ නෙවෙයි
ඉස්සර කියල
දවසක් නෑ
ඉස්සර වගේමයි
මම කියල කෙනෙක් නෑ
02-12-2020
කවිය බලන්න
