පියඹා ගොසින්  යෞවනය  - යලි නොඑනා ලෙසින්

පියඹා ගොසින් යෞවනය - යලි නොඑනා ලෙසින්

ශාන්ත සේනාධීර එක්සත් රාජධානිය

පියඹා ගොසින් යෞවනය - යලි නොඑනා ලෙසින් වියපත් වූ අපෙ යෞවනය -මැකිලා ගොසින් -නොඑනා ලෙසින් සිඳී ගිය දිය පාර සේ වෙරළේ - වියැකී ගොසින් - නොතිබූ ලෙසින් නිල අහස් තලේ පැයු දේදුන්නක් සේ බැබලී කළු වළා ඇවිත් එය කැ ඳවා ගොසින් අප සැමටත් හොරෙන් කැඳවා ගොසින් - යලි නොතිබූ ලෙසින් පෙති ගිලිහ ගිය මලක් සේ - හිඳි ගිය විල් තෙරක් සේ නෙතඟ රැඳී කඳූලැළිවගේ - තණ අගරැඳී පිනිබිඳු වගෙ වියැකී ගොසින් - යලි නොතිබූ ලෙසින් කාලයේ වැලි තලාවෙන් වැසී ගිය මුදු අපෙ ඒ යෞවනේ කී වද නොකීවද හඬ ගා - ඇසෙන්නට ලොවට පියඹා ගොසින් යෞවනය අපෙ - යලි නොඑනනා ලෙසින් පියඹා ගොසින්- එය යලි නොඑනනා ලෙසින්………… 30-12-2020
කවිය බලන්න