වැහැරුණු මතකය
කාලය මට
මතක් කර දුන්
වැහැරුණු අතීතයක
පරඬල්
හැඟීමක් නොදැනෙන
ගිලන් සිත තුල
වැතිර සන්සුන් විය
එදවස සොඳුරු
සිහිනෙක
ඉරිතැලී ගිය
මතක සිතුවම්
සොයයි නිරතුරු
චායාවක්
විසිර යන දුමාරයක
ඒ ඔබ විය හැකිය
එහෙත් ඒ
මතකයෙන්
දැන් කිම පල
කවිය බලන්න
