අදිසි

අදිසි

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

බොදු යෝනක සැමත් වූවත් උගත් රූමත් ඉසුරින් සපිරුණත් කොරෝනාවට නොවෙති වැදගත් පොහොට්ටුව අලියෝ සීනුව හංස ලොලියෝ වැඩ්ඩු කම්මැලියෝ එකම මුඩු සම බිම වැලලියෝ සිය පින් සිරින් සරු සත මෙන් අමුම අමු හොරු නිසදැස් සදැස් කිවිවරු කාට කාටත් පොදුයි මේ මරු ගුවන් නැව් ගිලිලා පුදබිම් අගුලු වැටිලා මකුලු දැල් බැදිලා ඇතේ අබරන ඔපය සිදිලා වසරකින් දෙකකින් ගැලවී ඇතොත් නිදුකින් බලා කැඩපතිකින් දකිමු අප එක මිනිස් වෙසකින්
කවිය බලන්න