විසල් හදක කවි

විසල් හදක කවි

මහාචාර්ය සුනිල් ආරියරත්න

උපුටා ගැනීම :
දෙමළ සාහිත්‍ය ඉතිහාසය - මහාචාර්ය සුනිල් අරියරත්න

මෙම කෘතිය
නන්දා මාලිනියට පිදෙන පඬුරකි

ජීවිතයට අමාවක ආ වෙලාවට
කාටත් හොරෙන් ඔබ පුන් සඳ වුනා මට
මතු මා යතොත් මට වෙන් කළ අපායට
නෑවිත් ඉන්න ඔබ දෙව් ලොව වලා පිට

අමිහිරි කවි ගහණ මගෙ ජීවිත පොතට
කව් සිළුමිණේ කවියක් විය නුඹ සුමට
එනමුත් කුකවි මට කවිකම් නැති පවට
නීරස මෙ කව් පද බැන්දෙමි ඔබැ නමට

12 E  ක්‍රිෂ්නමා පාර, මදුරාසිය-34
1989/12/28

කවිය බලන්න