හෙට පාසලට පැමිනෙන විට දරුවා අත පවුලේ චායාරූපයක් එවන්න - පංති භාර ගුරුතුමිය

හෙට පාසලට පැමිනෙන විට දරුවා අත පවුලේ චායාරූපයක් එවන්න - පංති භාර ගුරුතුමිය

නුවන් තොටවත්ත

අල්මාරියේ තියන් හොරෙන් ඉඳ හිට බලන නො එන බව නොකියා ම ඔහු යන්න පෙර ගත්ත සන්තකේට ම තියෙන එකම එක පින්තූරෙ දුව අතේ එවනවා අපි තුන්දෙනා ඉන්න කෙට්ටුවට ලස්සනට දිග කොන්ඩෙකුත් එක්ක ඉන්න ඒ කෙල්ල මම එපා සැකයක් ගන්න "පවුලෙ පින්තූරයක් වෙන්නෙ කොහොමද මේක" සැරවෙන්න කලින් එක මොහොතකට ඉවසන්න ලෝකයට නොපෙනෙන්න පින්තූරෙ එක තැනක ඈ ඉන්නවා කියා දුවට කියලා දෙන්න
කවිය බලන්න