Category: ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි
බුදුබණ අසමින් සිත සත පායේ
කුරුපණ කම් ඇරපිය ඒ පායේ
පරපණ නැසුවොත් කවර උපායේ
අපමණ දුක් දෙයි සතර අපායේ
බුදු බණ අසා සිත සංසිඳවා ගෙන, දුරු කට යුතු වූ නීච ක්‍රියා
අත්හැර දමව්! මොන උපායකින් නමුත් පණ ඇති සතෙකු
මැරුවොත් නරකාදී සතර අපායෙහි නොයෙක් දුක් ලැබේ.

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි
සාරනු කුණු කයක් අරගෙන කරන බහුනාටක තදේ
නෑර තම හිමි සමඟ දවසැ’ර උන් නමුත් සැප විඳ විඳේ
ගෝර මරුවා පැමිණි කල් දැන යන්ට කැඳවා එන සඳේ
බාරවම සිටුවන්ට බැරිව ද පිනක්කර ගත්තොත් සොඳේ
කිසි වටිනා කමක් නැති මේ කුණු ශරීරයක් උසුලා ගෙන කරන්නා වූ නැටුම් බොහෝ වෙත්.
යම් ස්ත්‍රියක් සිය සැමියා හා සැප විඳිමින් වාසය කළත්, මැරෙණ වේලාව පැමිණි කල්හි
මාරයාට ඇපයක් දී ඔහු මෙලොව නවතා ගන්ට බැරිය. එසේනම් කුසලක් කර ගැනීම ම
යහපත් වෙයි.

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි – අප්‍රේල්
සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා
සැරියුත් මහ මුගලන් පිළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟගණ සොබනා
මුදුනත් බැඳ නමදිම් බැති පෙමිනා
මහා බ්‍රහ්මයන් විසින් සිය හිසින් වඳිනු ලැබූ
(මහා බ්‍රහ්මයාගේ හිසේ දෙපා පිසීම ද කළ
හැකි) සැරියුත් මුගලන් යන දෑගසව් මහ
රහතුන් වහන්සේලා ගේ පරම්පරාවෙන්
නොකඩවා පැවත එන්නා වූ, හොඳ හැටි
සිල් රැකීමෙන් සාර වූ, උත්තම මහා
සංඝයා වහන්සේ ද මම දෙඅත් හිසේ
තබා භක්ති ප්‍රේමයෙන් වඳිමි.