ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි – අප්‍රේල්

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි – අප්‍රේල්

වීදාගම මෛත්‍රිය හිමි
2021-April

සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා
සැරියුත් මහ මුගලන් පිළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟගණ සොබනා
මුදුනත් බැඳ නමදිම් බැති පෙමිනා

මහා බ්‍රහ්මයන් විසින් සිය හිසින් වඳිනු ලැබූ
(මහා බ්‍රහ්මයාගේ හිසේ දෙපා පිසීම ද කළ
හැකි) සැරියුත් මුගලන් යන දෑගසව් මහ
රහතුන් වහන්සේලා ගේ පරම්පරාවෙන්
නොකඩවා පැවත එන්නා වූ, හොඳ හැටි
සිල් රැකීමෙන් සාර වූ, උත්තම මහා
සංඝයා වහන්සේ ද මම දෙඅත් හිසේ
තබා භක්ති ප්‍රේමයෙන් වඳිමි.