ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නික්මනක දුක

නික්මනක දුක

රේණුකා බණ්ඩාරනායක - පර්ත් - බටහිර ඔස්ට්‍රේලියාවදී
2021-June

නොහැඩුවත් ඔබ හඬනගා
දිටිමි මිතුරිය නිහඬ කඳුලැලි
මෑණියන්ගේ නික්ම යාමෙන්
ඔබේ හදතුළ නැගෙන සෝගිනි

දහම් මග වෙත සිත් යොමා ඇති
ඔබට මා බණ කුමට කියනුද
සසර ගමනේ ඇවිද යන අපි
ඇවිත් යන්නට මෙහි පැමිණි අය

එවන් ගමනක ඔබ සමග සිට
තවත් ගමනක යෙදෙන ඇයහට
තව තවත් පින් පමුණුවන මැන
ඇගේ ඒ මග කෙටිකරන්නට