ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

වීදාගම මෛත්‍රීය මහා ස්වාමින්ද්‍රයන් විසින්
2021-June

සාරනු කුණු කයක් අරගෙන කරන බහුනාටක තදේ
නෑර තම හිමි සමඟ දවසැ’ර උන් නමුත් සැප විඳ විඳේ
ගෝර මරුවා පැමිණි කල් දැන යන්ට කැඳවා එන සඳේ
බාරවම සිටුවන්ට බැරිව ද පිනක්කර ගත්තොත් සොඳේ

කිසි වටිනා කමක් නැති මේ කුණු ශරීරයක් උසුලා ගෙන කරන්නා වූ නැටුම් බොහෝ වෙත්.
යම් ස්ත්‍රියක් සිය සැමියා හා සැප විඳිමින් වාසය කළත්, මැරෙණ වේලාව පැමිණි කල්හි
මාරයාට ඇපයක් දී ඔහු මෙලොව නවතා ගන්ට බැරිය. එසේනම් කුසලක් කර ගැනීම ම
යහපත් වෙයි.