ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

වීදාගම මෛත්‍රීය මහා නාහිමි
2021-July

බුදුබණ අසමින් සිත සත පායේ
කුරුපණ කම් ඇරපිය ඒ පායේ
පරපණ නැසුවොත් කවර උපායේ
අපමණ දුක් දෙයි සතර අපායේ

බුදු බණ අසා සිත සංසිඳවා ගෙන, දුරු කට යුතු වූ නීච ක්‍රියා
අත්හැර දමව්! මොන උපායකින් නමුත් පණ ඇති සතෙකු
මැරුවොත් නරකාදී සතර අපායෙහි නොයෙක් දුක් ලැබේ.