Category: ලෝකෝපකාරයේ සිත්ගත් කවි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි
ගුරු නිරිඳු මිතුරන්
ලිය ලිය මවු මේ කීවන්
තම මවු ලෙස සිතා
පවතිත් නැණැති සුදනෝ
නුවණැති සුදනෝ ගුරුවරුන් ද, රජ තුමා ද, මිතුරන් ද, භාර්යාව ද ,
තම භාර්යාවගේ මව ද යන සියලු දෙනා තම මවු ලෙස සිතා
කටයුතු කරති.


ලෝකෝපකාරයේ සිත්ගත් කවි
නිරින්දෝ තම රට මුත්
අන් රටට දිවා සඳ වැන්නෝ
පඬිවර අන් රටක
පැමිණියත් පුන් සඳ සෙ බබළා
රජවරුන් තමන් ගේ රට හැර වෙනත් රටකට ගියහොත්
දහවල පෑවූ චන්ද්‍රයා වැනිය. එහෙත් පඬිවරු වෙනත්
රටකට ගියත් රාත්‍රී කාලයේ පුර්ණ චන්ද්‍රයා ලෙස
බබළති.


ලෝකෝපකාරය කාව්‍යයේ සිත්ගත් කවි
නිරිඳුන් ගෙන් ඉසුරු
ලත් සත් නැසෙත් එම රදුන් ගෙන්
දියෙන් ඉපදුණ ලුණු
දියට පත, දිය වන විලස්නෙන්
රජවරුන් ගෙන් වස්තුව ලැබුණු ජනයා එම රජවරුන්
ගෙන් ම විනාශ වෙති. ජලයෙන් හට ගත්තා වූ
ලුණු එම ජලයෙන් ම දිය වන පරිද්දෙනි


ලෝකෝපකාරයේ සිත්ගත් කවි
නිරිඳුට ඔවා දෙන
ගුණ නැණැති මැතිවරන් නැත හොත්
අපමණ ඉසුරැතත්
නැතක් විරිදුන් අවැඩ පැමිණේ
රජ තුමාට අවවාද දීමට ගුණ නුවණ ඇති මන්ත්‍රීවරුන්
නැති නම්, කො පමණ වස්තුව තිබුණත් නොයෙක්
සතුරන් ගෙන් කරදර ඇති වේ.