ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අකල් වස්සානෙ

අකල් වස්සානෙ

අසංක රුවන් සාගර (රාජ්‍ය සම්මාන ලාභී ගීත රචක)
2021-March

අවාරේ දවසක
මලක් පිපුණොත් තුරු හිස

දයාබර හිතවත
නමක් දෙනවද ඒ සෘතුවට

නාම කුල ගොත් නොවිමසා
මල් සුවඳ විතරක්ම
අරන් පපුවට

වනේ වන ඉස ගුල්මෙක
දොලේ සීතල ඉවුරක
හිරිකඩ බාන බෙයදෙක
අත පොවන මානෙන් එපිටක

මලක් පිපුණොත් අකලට
කැලැන්ඩර මාසෙකින් බැහැරව

ඉතින් ,

පිපෙනු රිසි නම් මලකට
වසන්තයකට උනත්
අවාරේ එන්න
තහනමක් නෑ නේද !