ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හෙලයේ මහා කෝකිලාවිය නන්දා මාලනී මැතිණිය වෙනුවෙන් ගෞරවයෙණි.. !!!

හෙලයේ මහා කෝකිලාවිය නන්දා මාලනී මැතිණිය වෙනුවෙන් ගෞරවයෙණි.. !!!

නයනශාන්ති දිසානායක
2023-December

දුක දිනා දිග්විජය පෑව මියුරාවී
සත් ස්වරය සත් දිගම පතල කල ප්‍රේමි
කිත් යසස් දෙපා මුල අතුල සී දේවී
සියක් පරපුරක මුල් සරු කෙරූ මෑණී

අභීතව පවන සේ විසුල මායාවී
බෝ පතක සිසිල ඉස හිත් නිවු සැදැහි
හඳ හාමි ගේ ලයේ නැලවු ගී මිහිරි
ප්‍රේමය ම කිමැයි කී සොදුරු හද මියැසී

යනෙන මඟ කළන මිතු පිරිවෙරින් සරන්නයි
මහරු හද පුරා නැගි සෙනේ ගඟ බෙදන්නයි
කල්පයක් තෙක් ඉතිරි ඔබේ හඩ අපේමයි
නිදුක් වී නිරෝගව තුටින් නිති සරන්නයි… !!!