ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යශෝධරා කවි සිත

යශෝධරා කවි සිත

ජයසේන කොඩිතුවක්කු - මෙල්බර්න්
2023-April

එක ලේ සුවඳ අපි දෙන්නගෙ තවම දැනේ
හිටි හැටි ළමා වයසෙදි සිහිනෙනුත් පෙනේ
අයියේ ලියමි හින් දා සිත බැඳුනු සෙනේ
කිම ඔබ පවිටු මිතුරන් ඇසුරට වැටූනේ

දරුවයි මමයි අතහැර තපසට යන්න
සිතුවේ ලෝ සතුන් සසරින් මුදවන්න
නොපෙනෙද මමත් මගෙ දරුවත් අපි දෙන්න
සැනසෙන අයුරු ලැබ ගෙන හිමි සඳු සරණ

අයියේ කියල දෙමි මට තේරෙන ලෙසට
වෛරය මහා ගින්නකි දවන සතහට
මගෙ හිමි නොවෙයි දැන් දම් රජු තුන් ලොවට
පිළිගෙන මෙත් සිතින් අදහනු ජය ඔබට

කෑදර වෙනු එපා බලයට කිසි දාක
නිසරුයි හැම දේම වැනසෙයි යම් දිනෙක
පිරුවොත් මහණ දම් දුරු වෙයි සසර දුක
නැතිනම් ඉතින් කල්පයකට අපා දුක