ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රැජින ඔබයි මාලිනියේ ..

රැජින ඔබයි මාලිනියේ ..

ප්‍රියන්ති ඕපාත
2023-December

හෙළ ගී අඹරේ
රැජින ඔබයි මාලිනියේ …
හෙළ කලාකෙත සරුකළේ
ඔබයි නන්දාවනි….
ලක්දෙරණ රනින් සැරසුවේ
ඔබයි රැජිනියේ
පතමි “චිරං ජයතු”
ඔබට මිහිරාවියේ
“තරුද නිදන මහ රෑ”
සෙව්වා ආදරේ
සොයමි සැමදාම සැමතැනම මෙලෙසේ
“රන්කෙන්දෙන් බැද අතැගිලි එක්කලේ ආදරයයි”
“පෙම්රැහැනින් බැදී සීතුම් වසගකලේ ආදරයයි”
“කඩමන්ඩියේ දොළ අයිනේ පේන්නේ ආදරයයි”
“සුළං කපොල්ලේ තනා කැඩීබිදී ගියේද ආදරයයි”
සත්යයේ ගීතය, පවන
අපට දායාද කළේ ඔබයි
“පවන ” සුළිසුලඟක්ව
හමායාමට කාලයයි මේ
චාම්බවේ ප්‍රතිමුරතියත් ඔබයි
ගීතයේ යසෝරාවය
ඔබයි නන්දාවනි
ජාති, කුල, පාට නැති ඔබේ
ජීවිතය අපට පාඩම් පොතකි