ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ස‍‍ඳතරු ඇති මට පාළුව කුමට

ස‍‍ඳතරු ඇති මට පාළුව කුමට

මාලපල්ලේ කුමුදු අමරසිංහ
2021-November

සඳතරු ඇති මගෙ තනිය මකන්නට
නිරතුරු ව ම සියොළඟ වෙළෙමින්
පෙර දා වගේ ම මා ළඟ ඉන්නට
පාළුව මා ලුහුබැඳ ඇවිදින්…

දිනෙක අතර මඟ ඔබ හමු වී
යළි නොදකින ලෙස අප වෙන් වී
එය අමතක වී දෝ
යළි ආවේ මා ලුහුබඳිමින්…

සත් පව්වක් නැඟ පැමිණි ඉමේ
බලා හිඳී ඇය අද මිතුරේ
නුඹ එය නොදනී දෝ
යළි ආවේ මා ලුහුබඳිමින්…!!!

ගායනය – මහින්ද තෙන්නකෝන්
ගී පටය – සඳතරු- 1993