ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කුළගෙට වැඩීමට නියමිත දියණියනී …!

කුළගෙට වැඩීමට නියමිත දියණියනී …!

හාජියාණි සෙයිද් ෆිර්දවුස්බී හනිෆ්ඩීන් - කොළඹ, මාලිගාවත්ත
2021-March

දිවිය පුරාවට දුක සැප සමසේ සතුටෙන් පිළිගෙන කුළගෙයි සතුට ….. රැක ගන්න
කව්රුන් කොහොම කීවත් සැකසුරුවම මහඟු අගනා ගුණයක් බව ……… වටහා ගන්න
රන් රිදී මුතු මැණික්වලට වඩා නිරෝගි සම්පත්තිය පරම ධනය යැයි ……… වටහා ගන්න
අද දිනයේ කුළගෙට වැඩීමට නියමිත දියණියනී, තරයේම මතකයේ ……… රඳවා ගන්න

ඔහුගේ දෙමව්පියන් නෑ හිත මිතුරන් සොහෝදරයින්ද ඔබගේම යැයි……… සිතා ගන්න
ඔහුගේ, දෙවැනි මවද,යහෙළියද, සොහොයුරිය, දියණියද ඔබ යැයි ……… සිතා ගන්න
ඔබ හිස මත කඩාවැටෙනා අනිසි පිටත ගිණි එහිම රදවා, සිරි නිවසට ……… ගොඩ වන්න
අද දිනයේ කුළගෙට වැඩීමට නියමිත දියණියනී ,තරයේම මතකයේ ……… රඳවා ගන්න

නරක දේ බැහැර කර, සුචරිතය එක්කර, ධනාත්මකව කුළගෙය ……… රැක ගන්න
සුභාසුබ දේ නිසිසේ වටහාගෙන ස්වභාව ධර්මයද පණ නළ සේ ……… රැක ගන්න
අනාගතයේදී උපදිනා දරු මුණුපුරන්ගේ සුවය උදෙසා සුවතාවයද ……… රැක ගන්න
අද දිනයේ කුළගෙට වැඩීමට නියමිත දියණියනී,තරයේ මතකයේ ……… රඳවා ගන්න

සැමට වඩා රැකිය යුත්තේ, මිනිසත්කම එහි අයිතිවාසිකම්ද යැයි කියලා ……… දෙන්න
ස්වකීය සංස්කෘතියත් සදාචාරයත් සභ්‍යත්වයත් පණසේ රැකීමට කියාලා ……… දෙන්න
ඔවුන් සැමද යහමග යැවීමට ඔබටද වගකීමක් ඇති බවට තරයේ වටහා ………. ගන්න
අද දිනයේ කුළගෙට වැඩීමට නියමිත දියණියනී, තරයේම මතකයේ රඳවා ………. ගන්න

කුළ ගෙට වාසනාව ගෙන එන්නේ, බුද්ධිමත් දුවා දරුවන් බව වටහා ……….ගන්න
උගත මනා ශිල්පය, ඔවුන්ගේද දිවිද මතු සුරකිනා බවට පැහැදිලි කර ……….දෙන්න
දිවි ගමනේ විශ්වාසවන්තම සහකරු ආදර සැමියා බවට ධාරණය කර ……….ගන්න
අද දිනයේ කුළගෙට වැඩීමට නියමිත දියණියනී ,තරයේ මතකයේ රඳවා ……….ගන්න

චිත්‍රය කිවිඳිය විසින් ම අඳින ලද්දකි.
2021/ 02/18