ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔයා සිහින මල්ලක්

ඔයා සිහින මල්ලක්

හිල්මි සුපුන්
2021-November

ලියා කවියක් බැරිනම් විකුණන්න
මොකට ඉහමොල ගැට ගහනවද ඔතන
එදා ඉදලම බඩවියත රැක ගන්න
දහම් ගැට දැම්ම ඇති
ස්ථිර කුලියක් වෙත යන්න

මෙතුවක් කොතන හරි දුටුවාද
දමා තියනවා මං කවියක් විකුණන්න
ජීවිතේ අගහිඟකම් හමුවෙන්න
ආ විටදී නොවෙද
ආවෙ කවි මගේ කරේ එල්ලෙන්න

කතාවට දක්ෂයා මං දන්නවා මගේ කවියා
ආදරේ ළඟත් ඇඹරෙන්නැති සැමියා
මොනවා උනත් මේ ටිකත් සිහියට ගන්න
මා ළඟත් තියෙනවා සිහින තුරුලට ගන්න

අහසේ තරු ගානට හීන
අරගෙන එපා හදවත පුරවන්න
ජීවිතේ සැහැල්ලුවෙන් විඳගන්න
අවැසි සිහින පමණක් ඇහිඳින්න
බැහැ කිව්වේ නැහැ මං එන්න