ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අනුබුදු වරුණ

අනුබුදු වරුණ

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2024-June

ස්ථායී
බුද්ධ ධම්ම සාර සංඝ – ධම්ම දීප පින් බිමේ//
ඇසේ ඇසේ ඇසේ ඇසේ උතුම් බුදුන් දෙසූ
සුදම් මහෝද සේ – සුදම් මහෝද සේ…//

අන්තරා 1
වැව දාගබ ගම පන්සල – කෙත් වතුපිටි අසිරි සිරිය//
ගොවි ගෙවිලියො නෙක ගොවිකම කරති මෙ බිම එ දවස සිට
පැරකුම් පිළිරුව අබියස – දෑ හැඟුමේ පියුම් පිපෙන
දිනේ දිනේ සදා දිනේ – මෙ සුසිරි ලක දියේ
මෙ සුසිරි ලක දියේ…

අන්තරා 2
අහස් තල අරා පැන නැඟි – සිරි සමනොල ගිරි ශිඛරය//
වන්දනීය මුණි පා – පංකජ පහසින් විරාජමාන
දේශ දේශයෙන් ඇදී – අටඟ සෑ රදුන් වෙතේ
මෙත් ගුණෙන් පිපී හදේ – පිදේ පිදේ බැතින්
සුපුණ්‍ය දම් මලින්…

අන්තරා 3
බුද්ධ පුත්‍ර මහානුභාව – මහාවංශ පොත් පෙළේ//
ලියකම් ඇම්බැක්කේ – රස කලා මීර දඹුලුගලේ
ලියා තනා තැබූ අගේ – සමාධි අවුකන රුවේ
දිලේ දිලේ හෙළේ දැයේ සිරී විභූතියෙන්
සිරී විභූතියෙන්…

අන්තරා 4
සිහල බොදුනු හැදියාවයි – සිරිත විරිත සමුදායයි//
අත්කම් ගෘහ ශිල්ප `ඥාණ – සම්ප්‍රයුක්ත දාන මාන
මිහින්තලා ගිරි ශිඛරය – අනුබුදු හිමි ලකට වැඩිය
සිසි වණ නැහැවෙන අරුමය – බලන් පොසොන් සඳින්
මේ මිහිඳු දිනේ… – මේ මිහිඳු දිනේ… – මේ මිහිඳු දිනේ…

*****

2024.06.01