ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අසාපන් කන්ථක

අසාපන් කන්ථක

වෛද්‍ය උදේශිකා පතිරණ
2023-March

ළය පැලී මිය ඇදුණු
බොහෝ හදවත් අතර
තුන්කල්හි නොනැසෙනා
නුඹෙ නමයි සුපතලම
මේ සසර දනව්වේ
කොහේ හෝ සිට පැමිණ
ඇසිල්ලක් නතර වී
යථා තතු පවසන්න
අධිකරණ වෙද ඇසට
නොපෙනෙනා නොදැනෙනා
මරණයට හේතුවක්
නුඹට වත් නොපෙනේද???
හද බිතෙහි වම් පසින්
ඉරි තැලී නික්මුණේ
ඒ කටුක දිවිමගේ
එදිනෙදා නිදන් කළ
සෝ සුසුම් නොවේමද????