ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔව්…ඒ ලෙවල් කළා

ඔව්…ඒ ලෙවල් කළා

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
2023-March

විදුලියත් ඔරවද්දි තව ගණන් උස්සලා
ගිරි බෙයද මුල මහා ගණ අඳුර නස්සලා
කණමැදිරි එළිය මැද කඳුළු වැහි වස්සලා
අකුණු ඉරි එකතු කර පහන හරි ගස්සලා

මාර සෙන් යුද්ධයට පහුවදා එළිවුණා
පේපරේ වෙලාවට මේසයට විසිවුණා
සීරුවට උනපු දිය අගල් බැමි සුණුවුණා
භාර දෙමි කඩදාසි ඔරුව පිළිතුර වුණා

දෙවඟනගෙ නීතියේ තීන්දුව එක හෙළා
කියන තුරු බොල් අහසෙ ඉගිලෙද්දි වී මුළා
පුර හඳේ කිරි බඳුන රාහුගේ මුව හලා
සටහනේ කටු අකුරු මට ම ඔච්චම් කළා

ආදි විද්‍යාර්ථිනී ,
ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය ,
රුහුණ විශ්වවිද්‍යාලය .