ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මහැඳුරු සුනිලුන් සමරමි බැතියෙන්…

මහැඳුරු සුනිලුන් සමරමි බැතියෙන්…

චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)
2023-August

කවියෙන් ගීතයෙන් සිනමාවෙන් මෙන්ම

දෙසුමින් රචනයෙන් දුනි සැමටම ගැම්ම

කුළුනින් පිරි හඬින් පහදන නිතැතින්ම

එතුමන් දකිනු රිසිවෙයි මට නම් දැන්ම

සිරිලක මිනී කන්දෙන් වැසු භීෂණයේ

වැනසුණු තරුණ දිවි ටයරයෙ පෝරකයේ

බොහො අය දුවද්දී බියවී මාරකයේ

ඔබ පමණකිය ලිව්වේ ගිනි කූටකයේ

උපතින් ගෙනා කවිකම් මොනවට පෙන්නා

පබැඳුම් කළා ගී සිය දහසත් පන්නා

සිනමාවෙන්ද තම හැකියාවන්‍ දෙන්නා

මහැදුරු සුනිල ප්‍රතිභා ලොව ජය ගන්නා