ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නොන්චි කෝලම

නොන්චි කෝලම

එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය
2023-January

යනවිට – වයවයා හඬින් අණබෙර පෙන්නලා මගෙත් තුනු

උරමඬල රූසිරිත් මිහිබට මල්සරා වගේ

හැඩකොට – නළවලා උඹත් සිහිනිඟ ලෙළවලා ළමැද රන්කුඹු

දෙවඟනක් වගේ හිටියට තුරුණු සංදියේ

ලෝකෙට – කෝලමක් වෙලා නුඹ අද නොංචි නංගියේ

ගතරූ – සිරිත් වන වනා නුඹ අතගන්න ආ සැමට පිටුපා

ලංවුණා නුඹත් පෙම්බර බිරිඳ වී මගේ

ඉඳහිට – මෙලවුනා වුණත් ලිපගිනි දැල්වුණා නිතර දුක්ගිනි

ඉහිලුවේ නුඹත් පෙරකළ පවට නොංචියේ

ලෝකෙට – කෝලමක් වෙලා අපි අද නොංචි නංගියේ

සැමවිට – එල්ලිලා දෙතන දරුවන් ඉල්ලලා හඬන රන්කිරි

වේලිලා ගියේ අරගෙන රූසිරිත් උඹේ

වියපත් – මවක ලැම බලා හිනැහෙන අරුම දූපුතුන් අතහැර

මව්කිරි බීපු උන් ඉන්න රටකට යමුද නොංචියේ

ලෝකෙට – කෝලමක් වෙලා මොකටද ඉන්නෙ නංගියේ