ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අප්‍රායෝගික යෝගියෙක්

අප්‍රායෝගික යෝගියෙක්

කපිල කුමාර කාලිංග
2021-August

මේ වැසි සීතෙහි
ඔතැන තනිවම
කිමද ළදුනි?
නොතෙමී
එන්න මේ
උණුසුම් පොරෝනය යටට.

හිස තෙක්ම වසාගෙන
දෑගුලක් හෝ දුරින් සිට
අප හුස්ම වැටෙන හැටි
පරයනු පිණිස මෙන් එකිනෙකා
අසමින් සාවධානව
භාවනාවක යෙදෙන්නට