ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලේ ඇත් දළ

ලේ ඇත් දළ

කෞශල්‍යා ජයලත්
2021-February

⁣රුහිරු තැවරි ශ්වේත දන්ත
දණ ගහගන පින්හලේ
පරිස්සමින් පාරිලෙයි්‍ය
බුදු හිමි නෑ පන්සලේ

කරඬුව හිස මත වැජඹෙන
සදැතුනි ඇත් පරපුරේ
නුඹෙ දළට ද ලංසු තියන
සුදු රෙදි යති පෙරහැරේ

මළ මිනියට තනි රැකගන
සුදු ඇඳ හිටි පියවරේ
ධවල දන්ත නිදි වරමින
මිනිස්සු බූරුව පොළේ

දළ කැපු පසු බිම පතිතව
හිමි මියගිය ගං තෙරේ
තවමත් සුදු නෙළුමක් ඇත
ඇතිනියකගෙ හොඬ වැලේ