ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නොයා ඉන්නද (1945)

නොයා ඉන්නද (1945)

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
2022-March

නොයා ඉන්නද (1945)

අමාවක සීතල රැයේ
සැරි සරන්නද තුසිතයේ
දරා හිටි නටුවෙන්
කුසුම වෙන්වී ගියේ

අපේ වාරය එන තුරා
හිටියා කල්පයක් පුරා
දෙවුර මතින් අරන්
සිහින එකිනෙක මරා

උනයි රුහිරය වැගිරෙමින්
හැපි හැපී රිදෙනා තොලින්
මතකය හිර කරන්
පිස දමන්නෙමි හෙමින්

බුර බුරා නැගෙන ගිනි දැල්
බොඳ වෙමින් මැකෙන දුම් වැල්
හිත දොවයි කඳුලින්
හැරෙමි මනසින් විකල්