ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නමදිමි තෙමඟුල

නමදිමි තෙමඟුල

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK
2023-May

සඳරැස් දහරින් පහන් වැටක් දල්වන්නම්
දෝත පුරා සුදු නෙළුම් වලින් පුරවන්නම්
බුදු අනුරුව නෙක සුවද දුමින් නහවන්නම්
අතැඟිලි බැඳ අපි සිරස නමා නමදින්නම්

පියාණනි බුදු පියාණනි සිරස නමා නමදින්නම් ඔබහට …
සිරස නමා නමදින්නම්

මෛත්‍රී කරුණා ගුණ මුළු ලොවට කියාදුන්
වෛරෙන් ක්‍රොදෙන් සිත් මැඩලන්න කියාදුන්
සියලු කෙලෙස් මැඩ යන මග එලිය ලබාදුන්
මැදුම් පිළිවෙතේ සැනසුම අපට කියාදුන්

පියාණනි බුදු පියාණනි සිරස නමා නමදින්නම් ඔබහට …
සිරස නමා නමදින්නම්

සුදුපිරුවට සේ දිලෙන විහාරය පැදකුනුකොට නමදින්නම්
ඔබ බුදුවන්නට පිටදුන් බෝධිය සුවඳ පැනින් නාවන්නම්
බුදු කුටියේ බුදු අනුරුව අභියස දෙදන නමා නමදින්නම්
හද බැතියෙන් බුදු ගුණ සිහිකරමින්, ඔබේ තෙමඟුල සමරන්නම්

පියාණනි බුදු පියාණනි සිරස නම නමදින්නම් ඔබහට …
සිරස නමා නමදින්නම්