නිවුන් පෙම – (Twins Love)
නිවුන් පෙම – (Twins Love)
කවිය ගීය මනසේ සිතුවම් ඇන්දා
නුඹ රුව මා නෙත පළමුව හමුවූ දා
හදේ ගැඹුරු කෙත අස්සැද්දුණු හින්දා
පෙම් පුරන්න මං කවියෙක් උනා ද මන්දා
මං නිසලයි – නුඹ සසලයි – මදහස නංවයි
නෙතු – පිය අමතයි – මුවමල් පිබිදෙයි
මගතොට හමුවෙයි – ඉඳහිට නිවසට එයි
කාලය පැනයයි වියැකෙයි – හරි පුදුමයි
මං ඉදිරියෙ ඉඟි පෑ මල්සර ගොළුවෙයි
කවිය ගීය හදතුළ සිතුවම් ඇන්දා
නුඹ රුව මා රුව ඇසුරට හුරු වූ දා
කෙත පාළුව ගොස් මං තනි වූ එම දා
ගොඩක් ම අම්මා තනියම ඉකිබින්දා