ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ප්‍රේම රාගය……

ප්‍රේම රාගය……

asiri wijesekara
කලාපති ජනාර්ද ආසිරි විජේසේකර - කේම්බ්‍රිජ්
2023-March

නොතේරෙන නූතනම කවියක ඔබත් එළිසමයකි මට
කැකෑරෙන හද මඩලෙ ගින්නට
පිදුරු අවැසි නෑ මට
එතැන මෙතැනට දුවන සිතුවිලි අතින් අල්ලා එක මිට
නවත්වන්නට පුළුවනි ද මට ඔබෙි චංචල ඔය සිත…..

ත්‍රිමුර්තිය ලග තෙවන ඇසකින් විමසා බලමු ද සෙනෙහස
⁣කොතනවත් හමුවෙිද මන්දා ඔබ
හොයන පෙම් මදහස

හෘද වස්තුව කපා බැලුවාම එක හදක ඇත සෙනෙහස
අනිත් හදවත් එකක රාගය
අනෙකෙ තිබුනේ ප්‍රේමය