ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මනාපේ මට දෙන්න……

මනාපේ මට දෙන්න……

රංජිත් ද සිල්වා - නවසීලන්තය
2023-September

අවංකයි – එඩිතරයි
අංකය මගේ විසිහතර
යුක්තියේ ශක්තිය – හදවතේ මනාපය
කන්ද උඩරට මැන්ඩෙලා මමයි
නින්දෙන් උනත් වැඩ නම් තිතට

මනාපේ පටන් ගත් දා ඉඳන්
ජන්දේ තිබ්බ හැමදාමත්
ලයිට් කණුවේ – තාප්පේ – බිත්තියේ
අපි දැක්ක පෝස්ටරේ – එහෙමයි ලිය වුනේ

අවංකව කල දෙයක්
එඩිතරව කි දෙයක්
දක්ෂකමෙන් වැඩ කිරීමක්
කොතනකවත් නැහැ වුනේ

කඩ හැලුණු රටක්
බිඳ වැටුණු සමාජයක්
පමනයි ඉතිරි වුනේ

ආයෙත් චන්දයක්
තිබුනොත් හෙට දිනේ
හිතන්න ඔබ දෙවරක්
නොරැවටී ආයෙත්

28අගෝස්තු 2023