ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉන්ද්‍රාජාලය නුඹයි මාලීනියේ

ඉන්ද්‍රාජාලය නුඹයි මාලීනියේ

වෛද්‍ය ජනක මාරපන - මහනුවර
2023-December

මන්දහාසය සපිරි සෘජු සිරසේ
හැපුණු කළුගල් බිදුනි පෙරදවසේ
අන්ධකාරය නැසූ දන මනසේ
ඉන්ද්‍රාජාලය නුඹයි මාලීනියේ

කඩුව ඔසවා ගහලයා රුපු සේ
බලද්දී නුඹ දිහා සතුරු කුසේ
නුඹ ගයන්නේ උගේ සොයුරිය සේ
රජුට එරෙහිව පමණි මාලිනියේ