ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දුරු රට ඇයට

දුරු රට ඇයට

ලලිත් ද සිල්වා - නුගේගොඩ
2023-December

වෙන්ව සිටියත් ඈත දුරකින්
සිතින් සිත ළඟ බැඳිලා
උදේ හවහා මලින් පුදනෙමි
නිහඬ ලතැවිලි නිවලා

නිදුක් සම්පත – ඔබේ සැපතයි
මගේ පැතුමට වෙලිලා
උපන් දින දා හදවතේ ඇති
ආදරේ ගඟ දොවලා
සෙනෙහසේ දිග ඔබට එවනෙමි
හමන සුළඟේ ඔතලා…

නින්ද බිඳි ඇහැරෙන විට
මැදියම් මහ රෑ………..
සිහි කර ගෙන තනි යහනේ සිහින දකින දා
මා ඔබ ළඟ බව සිහිකර නගින්න – මේ මහ ගිරි දඹ
තව දුර නෑ කෙරවලටම – අපි යමු අත් අල්ලාගෙන